ක්‍රීඩාගාරය


ඉදිකළ වසර : වසර 1988


 වර්ග ප්‍රමාණය : වර්ග අඩි 20 x 20


භාවිතය :විද්‍යාලයේ ක්‍රීඩා ආචාර්ය මයුර සෙනෙවිරත්න මහතාගෙ භාරකාරීත්වය යටතේ පැවති  මෙම අංශය වෙන ම ඒකකයක් ලෙස පවතී.ක්‍රීඩාගරය ආසන්නයේම ක්‍රීඩාපිටියද පිහිටා ඇත.දැනට මෙම අංශයේ ගුරු භවතුන් තිදෙනෙකු සේවය කරන අතර යම් අවස්ථාවලදී බාහිර පුහුණු කරුවන්ගෙන් ද සහාය ලබා ගනියි.අක්කර 02 ක් පමණ වන ක්‍රීඩා පිටිය මෙන්ම ක්‍රීඩාගාරය ද පසුගිය ගංවතුර තත්වයෙන් දැඩි බලපෑමකට ලක් විය.එසේ වුවද දරුවන්ගේ ක්‍රීඩා කෞෂල්‍යට එය බාධා කර නොගෙන පෙර තිබූ තත්ත්වයට ක්‍රීඩාගාරය ගෙන ඒමට විද්‍යාලයේ  එවක විදුහල්පති ඒ.ජී.අනුර මහතා  කටයුතු කරන ලදී. මෙම වසරේ දී අධ්‍යාපන  අමාත්‍යාංශය ,පළාත් සභා,පාසල් සංවර්ධන සමිතිය විවිධ පරිත්‍යාග ලෙසින් නව ක්‍රීඩා උපකරණ රැසක් ද මේ වසර තුළ හැකියාව ලැබීම ද සුවිශේෂි වේ.මෙම අංශයේ ප්‍රධාන අරමුණ වන්නේ,දක්ෂතා හඳුනා ගනිමින් ඔවුන් සතු කුසලතා ජාතික තලයට ගෙන යාමත් ය.

 

මීට අමතරව මෙම වසරේ ද  විද්‍යාලයීය වත්මන් නියමුවානන් වන සී.ආර්.ගුණවර්ධන මහතාගේ මෙහෙය වීමෙන් ක්‍රීඩා පිටිය  නවීකරණය කරන ලදී.එමෙන්ම ක්‍රීඩාගාරය වත්මනේ දී සඳරුවන් රජීන්ද්‍ර මහතා යටතේ පවතී.

                                                  දන්ත චිකිත්සාව


ඉදිකල වසර :  වර්ෂ 2015


වර්ග ප්‍රමාණය : වර්ග අඩි 400


භාවිතය        : තවලම අධය්‍යාපන කොට්ඨාසයේ ඇති පාසල 19 ක අවුරුදු 13 න් පහළ දරුවන්ගේ සිට පෙර පාසල් දරුවා දක්වා දන්ත සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමටත්, එම දරුවන් සදහා ප්‍රතිකාර ලබා දීමටත් , ජංගම සායන පැවැත්වීමත්, මුඛ සෞඛ්‍ය පිළිබද මව්වරු දැනුවත් කිරීමත් යනාදි කාර්යයන් රැසැක් ඉටු කරනු ලබ‍යි.
ප්‍රධාන අරමුණ වන්නේ සිනා පිරිව් සමාජයක් බිහි කිරීම‍යි. ඒ සදහා අතිමහත් සේවාවක් මෙමගින් ඉටු වේ.

                                 මාධ්‍ය ඒකකය

ඉදිකල වර්ෂය :වර්ෂ 2004

වර්ග ප්‍රමාණය : වර්ග අඩි 12 18


භාවිතය :
විද්‍යාලයේ හිටපු ආචාරිණි ගංගානී වික්‍රමරත්න මහත්මියගේ සංකල්පයක් මත ආරම්භ කල මාධ්‍ය ඒකකය විද්‍යාලයේ සහකාර විදුහල්පති ඩබ්.ඒ.චමින්ද පුෂ්පකුමාර මහතා,අයේෂා වීරප්පෙරුම මහත්මිය,ගයනි සුමල්කා මහත්මිය,කේ.ච්.දුෂානි මෙනෙවියත් ය.මාධ්‍ය ඒකකයේ මෙහෙවර අතර,සිසු දරුවන්ගේ සන්නිවේදන හැකියාව,ඉදිරිපත්කිරීම,සංස්කරණය,වාර්තාකරණය හා සම්බන්ධීකරණය,පිළිබද අවබෝධය හා හැකියා වර්ධනය කිරීම ප්‍රධාන වේ.සතියේ සෑම සිකුරාදා දිනකම විදුනද මාධ්‍ය වැඩසටහන පන්ති මට්ටමින් පැවැත්වීම සිදු වේ.මාධ්‍ය දිනය අවට පාසල් එක් ව පැවැත්වීම සුවිශේෂි වේ.මීට අමතරව 2017 වර්ෂයේ මාධ්‍ය වැඩසටහන් පැවැත්වීම පිළිබද පාඨමාලා ආරම්භය ද උත්සව අවස්ථා ආවරණය කිරීම සදහා මාධ්‍ය ඒකකයේ සාමාජික සාමාජිකාවන්ට අවස්ථාව හිමි වීමද කැපී පෙනේ.

මෙම සංගමය මගින් විද්‍යාලයේ පවත්වන සියලුම උත්සව අවස්ථා මෙහෙය වීම් හා නිවේදන කටයුතු සිදුකරනු ලැබේ.එමෙන්ම මාධ්‍ය ඒකකය මගින් මෑතකදි පැවැත්වීමට කටයුතු කරන ලද විදුනද මාධ්‍ය ඒකකය සදහා නවක සිසුන් බදවා ගැනීමටත් සිසු දක්ෂතා ඇගයීමටත් සිසු දක්ෂතා ඇගයීමටත් කටයුතු කරන ලදී.

                                      ගුරු විවේකාගාරය


ඉදිකළ වර්ෂය : ව‍ර්ෂ 1963


වර්ග ප්‍රමාණය : වර්ග අඩි 400 හා වර්ග 200


භාවිතය :ගුරු විවේකාගාර දෙකක් ඇත.
මෙහි විදුලිය,ජලය ඇතුළු ගුරුවරුන්ගේ ලිපි,ලේඛණ,පොත්පත් තබා ගැනීමට එක පෙළකට සකසන ලද කබඩ් ඇත.
ගුරුවරුන්ට විවේකයක් සහ පහසුවෙන් කටයුතු කිරීමට අවශ්‍ය සියලු පහසුකම් මෙහි
පවතී.

                                                                                  කෘෂි විද්‍යා ඒකකය

ඉදිකල වසර - 1969

වර්ග ප්‍රමාණය - වර්ග අඩි 2000

භාවිතය- මෙය ලක්ෂාන් මහතා භාරකාරිත්වය දරන අතර කෘෂි හා ආහාර තාක්ෂණය සම්බන්ධ සියලුම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා භාවිතා කරයි.