පාසල් නිල ඇඳුම
පිරිමි ළමුන්
6 සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් නිල් කොට කලිසමකින් හා සුදු ඈත් කොට කමිසයකින් සැරසිය යුතුය. 10 සිට 13 ශ්‍රේණි සිසුන් සුදු දිග කලිසමකින් හා අත් කොට සුදු කමීසයකින් සැරසිය යුතුය. සමීපයේ වම් පස පාසල් ලාංඡනය නය සහිත පොකට්ටුවක් විය යුතුය, කළු සපත්තු සහ මේස් පැලඳිය යුතුය.
ගැහැණු ළමුන්
6 සිට 13 ශ්‍රේණි දක්වා සිසුවියන් අඟල් 1 රැලි සහිත සුදු ගවුමකින් සැරසිය යුතුය. ගවුමේ වම්පස පපුව ඉහළට වන්නට පාසල් ලාංඡනය සහිත විය යුතුය. විද්‍යාලයීය කරපටිය හා සුදු මේස් සහිත සුදු සපත්තු පැලඳිය යුතුය, දිගු කොණ්ඩය සහිත සිසුවියන් හිස පිටුපසට වන්නට කොණ්ඩ කරල් දෙකකට ගෙතිය යුතුය.
ශිෂ්‍ය නායක නිල ඇඳුම
ශිෂ්‍ය නායකයින්/ නායිකාවන්,
ශිෂ්‍ය නායකයින් සුදු දිග කලිසමකින් හා අත් දිග සුදු කමීසයකින් සැරසිය යුතුය. ශිෂ්‍ය නායිකාවන් පාසල් නිල ඇඳුමින් සැරසිය යුතුය.
ශිෂ්‍ය නායක කරපටිය සහ වම්පස පාසල් ලාංඡනයට ඉහළින් ශිෂ්‍ය නායක ලාංඡනය පැලඳිය යුතුය.
