ශිෂ්‍ය නායක මණ්ඩලය
දැක්ම
2022 වසරේදි කනිෂ්ඨ අංශය සහ ජ්‍යෙෂ්ඨ අංශය ලෙස ශිෂ්‍ය නායක මණ්ඩලය සංවිධානය කර ඇති අතර
කනිෂ්ඨ අංශය සඳහා 10-11 ශ්‍රේණිවල සහ ජ්‍යේශ්ඨ අංශය සඳහා 12-13 ශ්‍රේණිවල සිසුන් ශිෂ්‍ය නායක මණ්ඩලය
සඳහා තෝරා ගන්නා ලදී.
මෙහෙවර
පාසලේ සම්ප්‍රදායන් හා විනය නීති පිළිපදිමින් සිසුන් මෙහෙයවමින් කළමනාකාරිත්වයට ලැබිය යුතු සහයෝගය
ලබා දෙමින් සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ගෞරවයට පාත්‍ර වෙමින් ආදර්ශමත් චරිතයකින් පාසලේ අරමුණ කරා
යාමට පූර්ණ දායකත්වය ලබා දීම අපගේ මෙහෙවරයි.
ශිෂ්‍ය නායක ගීතය
විදුරද මව් ගුණ හදේ නිධන් කොට
ගුණ නැන වැඩුමට සිත යෙදුවො
දෙස රැස නැගුමට පෙරමුණ ගන්නට
අපි වෙමු විදුරද සිසු දරුවො....//
අදුරු දෙපා නමදිම් - සිප් සතර හොදින් උගනිම්
සොහොයුරු කැල නිසි මගට යොමන්නට
නිරතුරු වෙර දරුවෝ - අපි වෙමු
විදුරද සිසු නයුවෝ
පෙර ඇදුරු සිරිත නමදිම් - මතු ලොවට සුමග සරසම්
විදුරද නම ජය කෙලෙහි නගන්නට
ඥාන වීර්ය වැඩුවො - අපි වෙමු
විදුරද සිසු නයුවෝ
පද රචනය: හිටපු විදුහල්පති
පූජ්‍ය එප්පල සෝරත හිමි