ඉතිහාසය
විද්වතුන් රැසක් ලොවට දායාද කල විද්‍යාරාජය වසර 125 ක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියයි. දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ, හිනිදුම්පත්තුවේ, තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, තවලම නම් ඉතා දුෂ්කර වූ, සුන්දර, මනරම් ගම්මානයේ ක්‍රිස්තු වසර 1892 ජුනි 21 වැනි දින සුන්දර කඳු ගැටයක් මත පිරිමි පාසලක් ලෙස ආරම්භ විය. පොල් අතු සෙවිලි කළ කුඩා ගොඩනැගිල්ලකින් ආරම්භ වූ අප විද්‍යාලය වර්තමානයේ ද්විතීයික මිශ්‍ර පාසලක් ලෙස ප්‍රදේශයට ගෞරවයක් ගෙන දෙමින් වැජඹේ. පාසලේ ප්‍රථම විදුහල්පති වූයේ දොන් අන්ද්‍රායස් සමරනායක මහතායි. විදුහල්පතිවරු ගණනාවකගේ අඛණ්ඩ වූ විශිෂ්ඨ සේවාව තුළින් දිනෙන් දිනම විද්‍යාලය දියුණු විය. වර්ෂ 1918 දී විදුහල්පති ලෙස පත් සුගතදාස මහතා බාලිකා පාසලක් අරඹන ලදි. ඉන් වසර 13 කට පසු වර්ෂ 1931 දී බාලක සහ බාලිකා පාසල් දෙකම එකතු කර වර්තමානයේ පවතින අයුරින් මිශ්‍ර පාසලක් බවට පත්කර ඇත. වසර 1958 දී මහා විද්‍යාලයක් බවට පත් වූ අප පාසල් මාතාව 1963 දී “තවලම විද්‍යාරාජ මහා විද්‍යාලය” ලෙස නම් කෙරිණි. වසර 1979 දී උසස් පෙළ වාණීජ හා විද්‍යා අංශ වලින් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව උදා විය. 1992 දී මධ්‍ය විද්‍යාලයක්, 1997 දී ජාතික පාසලක් බවට විද්‍යාලය උසස් කෙරිණි.

2013 වසරේදී ද්විතියික පාසල් සංකල්පය යටතේ අප පාසලෙන් පෝෂණය වූ 1 – 5 ශ්‍රේණි ඉවත් කර 6 – 13 ශ්‍රේණි දක්වා පමණක් පන්ති පැවැත්වීමට කටයුතු කළේය. 2015 වසරේදී තාක්ෂණික විද්‍යාගාරයේ අයිතීන් ලබාදීමත් සමඟ උසස් පෙළ කලා, විද්‍යා, වාණිජ අංශයෙන් උසස් පෙළ හැදෑරීමට අවස්ථාව උදාවිය. විද්‍යාලයේ වත්මන් විදුහල්පති ලෙස C.R. ගුණවර්ධන මහතා කටයුතු කරන අතර විද්‍යාලයේ අභිවෘද්ධියට විශාල මෙහෙයක් සිදු කරයි.
සමාජීය මෙහෙවර අඛණ්ඩව සිදු කරමින් ප්‍රදේශයේ කීර්තිමත් පාසලක් ලෙස
පැසසුම් ලබමින් විදුරද පාසල් මාතාව ප්‍රදේශයේ කිතුගොස නංවමින් සිටියි.