පාසල් ගීය
සමරමු කර මත පිවිතුරු
බැතිනි පුදමු ඔබගේ නිමල
පාද කමල විදුරද මැති විදුහල් මාතා....../
සොබා සිරින් පිරුණු බසින්
සදා සුවය බඳින සතන්
ලෙළෙන රැජින තවලම අප විදුහල් මාතා..
ශිල්ප කලා ඈ සසරින්
විජය කරන දූ දරුවන්
වැඩුව මැනවි ප්‍රේම ගුණැති විදුහල් මාතා....
සමගි බලය පෙරට වඩා
හෙළ බලපා එඩිය වඩා
පෙරමුණ පා තබා මෙලෙස
විජය ධජය නගන නගව්....
සමරමු කර මන පිවිතුරු....
පද රචනය: විද්‍යාලයේ හිටපු සංගීත ආචාර්ය විනී මහතා
පාසල් ගීතයේ අර්ථය,
විදුරද විදුහල් මාතාවනි, ඔබේ ගුණ සිහිකරමින් නිර්මල වූ ඔබගේ දපා නමදිමු.
සොබාව සෞන්දර්යයෙන් පිරි පරිසරයක පිහිටි විද්‍යාලය ප්‍රජාවට සැමවිට සේවය සලසමින් තවලම ප්‍රදේශයේ කීර්තිමත් ව රැජිනක ලෙසින් වැජඹේ.
දයාබර වූත්, ගුණවත් වූත්, විදුහල් මාතාවනි, අධ්‍යාපනය, කලාව යන සියලු අංශයන්ගෙන් ජයගත් දූ දරුවන් වැඩි වැඩියෙන් බිහි කළ මැනවි.
ශ්‍රී ලාංකික ජාතියේ එඩිතර බවත්, සමගියේ බලයත් නිරතුරුව පෙන්වමින් සෑම අංශයකින්ම ඉදිරියටම ගොස් විජයග්‍රහණය කරවව්.