30 Apr2026

පළාත් තරඟාවලියේ අප විද්‍යාලය ප්‍රථම ස්ථානය දිනාගැනීමේ දී එම්.ලසන්ත ක්‍රීඩකයා විසින් රිටි පැනීමේ නව වාර්ථාවක් පිහිටුවමින් 3.20m ක් පැනීමට සමත් විය. 

30 Apr2026

  • ගුරු දිනය වෙනුවෙන්  විද්‍යාලයීය මාධ්‍ය  සංගමය හා ශිෂ්‍ය නායක සංගමය එක්ව සංවිධාන කරන ලද ගුරු උපහාර උලෙළ 2022 ඔක්තෝබර් මස 6 වන දින උත්සවාකාරයෙන්  පැවැත්විය
30 Apr2026

  • වසර දෙකකට වැඩි කාලයක් පැවැත්වීමට නොහැකි වූ අප පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළ ලබන වසරේ  පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතී.
  • එය බොහෝ දුරට ලබන වර්ෂයේ ජනවාරි මස ආරම්භ වීමට නියමිතයි.
30 Apr2026

  • වාණිජ සංගමය විසින් 22 වරටත් සංවිධාන කරන ලද "Commerce Be Act 2022" වාණිජ දින උත්සවය පසුගිය සැප්තැම්බර් 5 වනදා අති උත්කර්ෂවත් ලෙස අප පාසලේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.
  • මීට සමගාමීව වාණිජ සංගමය විසින් පවත්වනු ලැබූ තරඟ වලින් ජයගත් සිසුන්ටත්, උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසුන්ටත් ත්‍යාග පිරිනැමීම සිදු කෙරිණි.
30 Apr2026

  • ලෝක ළමා දිනය වෙනුවෙන් ඔක්තෝබර් 03 වැනි දින පැවැත්වෙන "සිහින දකින අපේ ලොවක්" ළමා දින වැඩසටහන අප විද්‍යාලයේ දී පැවැත්විය.
  • ළමා දිනය වෙනුවෙන් එදින සිසුන් සඳහා වින්දනාත්මක වැඩ සටහන් රැසක් පැවැත් වූ අතර සවස 4.15 පමණ වන විට උත්සව කටයුතු නිමා විය.