ආදි ශිෂ්‍ය සංගමය

විද්‍යාලයේ අනාගත ඉලක්කයන් වෙත ලගා කරවමින්  විදුරද ආදිශිෂ්‍ය එකමුතුව විසින් දැවැන්ත මූල්‍ය පරිශ්‍රමයක් දරමින් මෙම 2018 වසරෙ දී විද්‍යාලයේ සිසු දරුවන්ගේ ඉදිරි ප්‍රයෝජනය සදහා රුපියල් ලක්ෂ 35ක වටිනාකමකින් යුත් නව බස් රථයක් පරිත්‍යාග කරන ලදී. වසර කීපයක සිට සැලසුම් කරමින් සිට සැලසුම් කරමින් සිට එය යථාර්තයක්  බවට පත් කරමින් සිදු කරන ලද එම මහගු කාර්ය සියලු දෙනාගේ පැසසුමට ලක්විය .

මෙම බුදු මැදුර පාසල් සංවර්ධන සමිතියේ අරමුදල්වලින් සහ විදුහලේ ඉගෙනුම ලබමින් සිට පිළිකා රෝගයක් හේතුවෙන් මිය ගිය විශ්ව සදගෝමි කාරියවසම් ශිෂ්‍ය‍යාගේ දෙමපියන්ගේ ද දායකත්වය ඇතිව ඉදිකිරීම් සිදු කරන ලදී.